Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඔක්තෝබර් මාසයේ පළමු දින 23 තුළ සංචාරකයින් 119,670ක්

2026දී සංචාරක පැමිණීම ලක්ෂ 12යි; ඩො.බි 1.5ක ආදායමක්

මෙම මාසයේ පළමු දින 23 තුළ සංචාරකයින් 119,670ක පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,845,164ක්.

ඔක්තෝම්බර් මාසයේ පළමු දින 23 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 35,090ක් බවයි සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේ.

මීට අමතරව චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය, බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව ආදී රටවල් රැසකින් ද එම කාලය තුළදී සංචාරකයින් පැමිණ තිබෙනවා.

මේ අතර වසරේ මේ දක්වා ඉන්දියාවෙන් සංචාරකයින් 410,382ක්, එක්සත් රාජධානියෙන් 171,652ක්, රුසියාවෙන් 128,779ක්, ජර්මනියෙන් 113,932ක් සහ චීනයෙන් 110,411ක් ලෙස ලක්ෂයක් ඉක්මවා මෙරටට සංචාරකයින් පැමිණි ප්‍රධාන රටවල් ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත මඟින් පෙන්වා දෙයි.


Exit mobile version