Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අල්ලස් ගත් කම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ 'හයිටොප් තුෂාරගේ' ගෝලයෙකු අත්අඩංගුවට

ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ 'හයිටොප් තුෂාරගේ' ගෝලයෙකු අත්අඩංගුවට

රුපියල් දහතුන්දහස් දෙසීයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගත් කම්කරුවෙකු සහ නඩත්තු කම්කරුවෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අඩ්ඩාලචේන ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින් කොච්චිකච්චේන ප්‍රදේශයේ කුඹුරු යායට ජලය සපයන ඇළ මාර්ගය සුද්ද කිරීමට පැමිණිලිකරු සභාපතිත්වය දරණ ගොවි සමිතිය මගින් කරන ලද ඉල්ලීමකට අනුව අක්කරපත්තුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති ස්කැවේටර් යන්ත්‍රය සඳහා ගොවි සමිතිය මගින් ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පවසා ඒ සඳහා වැඩිපුර ඩීසල් ලීටර් 51ක් වැය වන බවත් පවසා තිබේ.

ඒ අනුව රුපියල් 13,200ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම සහ එම මුදල ආධාර අනුබල ලබා දීම යන චෝදනා මත පොතුවිල් ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ කම්කරුවෙකු (යන්ත්‍ර ක්‍රියාකරුවෙකු) සහ අක්කරපත්තුව සහකාර ඉංජිනේරු ඒකක කාර්යාලයේ නඩත්තු කම්කරුවෙකු අල්ලස් කොමිසම විසින් ඉකුත් සිකුරාදා (17) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version