වෙනිසියුලානු විපක්ෂය නායිකා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිනී මාරියා කොරිනා මචාඩෝට නොබෙල් සාම තෑග්ග හිමි විය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් නොබෙල් සාම ත්‍යාගය ලැබීමට සුදුස්සකු බවට ප්‍රසිද්ධියේ සහ පුද්ගලිකව ගෙන ගිය ප්‍රචාරණ ව්‍යාපාරය හේතුවෙන් මෙවර නොබෙල් සාම තෑග්ගට ලෝකයේම අවධානය හිමිව තිබිණි.
මාරියා කොරිනා මචාඩෝට නොබෙල් සාම ත්‍යාගය පිරිනමමින් නොබෙල් කමිටුව ප්‍රකාශ කර සිටියේ ඇය වර්ධනය වන අන්ධකාරය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ ගිනිදැල් දැල්වෙමින් තබා ගන්නා සාමයට කැප වූ නිර්භීත ශූරියක බවයි.