Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිරමැදිරිවල ජංගම දුරකථන 29ක්

සිරමැදිරිවල තිබී ජංගම දුරකථන 29ක්

සිරමැදිරිවල තිබී ජංගම දුරකථන 29ක්

දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ A,C හා D වාට්ටුවල තිබී ජංගම දුරකථන 29ක් සොයාගෙන තිබෙනවා.

මෙම ජංගම දුරකථන හමුව ඇත්තේ බන්ධනාගාර බුද්ධි හා උපක්‍රමික බලකාය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව ඊයේ (09) සිදුකළ පරීක්ෂා කිරීමකදීයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, අදාළ දුරකථන සොයාගත් වාට්ටුවල ප්‍රබල අපරාධකරුවන් රඳවා සිටින බවයි.

එමෙන්ම මරණ දඬුවම නියමව සිටින “දෙමටගොඩ චමින්ද” රඳවා සිටින සිරමැදිරියේ තිබී ද ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “වෙලේ සුදා”ගේ සිරමැදිරියේ හා “මිදිගම රුවන් “ගේ සිරමැදිරියේ තිබී ජංගම දුරකථන හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Exit mobile version