Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදේශ රැකියාව අතරතුරදී මියගිය ශ්‍රමිකයින් 4දෙනෙකුට ලක්ෂ 182ක වන්දි

විදේශ රැකියාව අතරතුරදී මියගිය ශ්‍රමිකයින් 4දෙනෙකුට ලක්ෂ 182ක වන්දි

විදේශ රැකියාව අතරතුරදී මියගිය ශ්‍රමිකයින් 4දෙනෙකුට ලක්ෂ 182ක වන්දි

විදේශ රැකියාව අතරතුරදී විවිධ හේතු මත මරණයට පත්වූ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් සිව් දෙනෙකු වෙනුවෙන් විදේශීය රක්ෂණාවරණය මගින් රු.18,213,556ක (රුපියල් එක් කෝටි අසූ දෙලක්ෂ දහතුන් දහස් පන්සිය පනස් හයක්) මුදලක් වන්දි වශයෙන් පසුගියදා ලබා තිබෙනවා.

මෙසේ වන්දි හිමිවූයේ, කුවේටයේ රැකියාවට ගොස් මරණයට පත්වූ, ඩබ්.ඒ.ධම්මිකා මහත්මිය, ඩබ්.පී.සීතා පද්ම කුමාරි මහත්මිය හා චානිකා මදුශානි මෙනවිය වෙනුවෙන් හා සෞදි අරාබියේ රැකියාව අතරතුරදී මියගිය නාලිනි ද සිල්වා මහත්මිය වෙනුවෙන්.

ඩබ්.ඒ.ධම්මිකා මහත්මිය වෙනුවෙන් රු.4,700,110.00ක වන්දි මුදලක් හිමි වූ අතර, ඇයගේ ස්වාමි පුරුෂයාට හා දියණියන් දෙදෙනාට මෙම මුදල පිරිනමන ලදී. සීතා පත්මකුමාරි මහත්මිය වෙනුවෙන් රු.4,504,482.00ක මුදලක් වන්දි වශයෙන් හිමිවූ අතර, ඇයගේ සැමියාගේ ඉල්ලීම පරිදි පුත්‍රයාට හා දියණියට මෙම මුදල හිමිවුණා.

කුවේටයේ රැකියාව අතරතුරදී මියගිය චානිකා මදුශානි මෙනවියට හිමිවූ රු.4,504,482.00 ක මුදල ඇයගේ දෙමව්පියන් වෙත ලබාදෙන ලදී. සෞදි අරාබියේදී මියගිය නාලිනි ද සිල්වා මහත්මිය වෙනුවෙන් හිමිවූ රු.4,504,482.00 ක මුදල වන්දි වශයෙන් හිමිවූ අතර, සැමියාගේ ඉල්ලීම පරිදි දියණියට මෙම මුදල හිමි වුණා.

මෙම විගමණික මහත්මීන් වෙනුවෙන් මෙම විදේශීය රක්ෂණ වන්දි මුදලට අමතරව කාර්යාංශයේ ලියාපදිංචිවීමේදී නොමිලේ හිමිවන වන්දි මුදල්ද ඉදිරියේදී ලබාදීමට කටයුතු යොදා තිබේ.

Exit mobile version