ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නෙතන්යාහු කටාර් රාජ්‍යයෙන් සමාව අයදි සිටින අතරම ඊශ්‍රායලය නැවත එවැනි ප්‍රහාරයක් සිදු නොකරන බවද සහතික කරයි.
පසුගිය දිනෙක දෝහා හි හමාස් නායකයින්ට එල්ල වූ පෙර නොවූ විරූ ඊශ්‍රායල ප්‍රහාරයේදි කටාර් පුරවැසියෙකු ඝාතනය විම සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කටාර් රාජ්‍යයෙන් සමාව අයැද සිටි අතර එය ගෝලීය වශයෙන් හෙළා දැකීමටද හේතු විය.
පසුගිය සඳුදා ධවල මන්දිරයේ පැවති හමුවේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නෙතන්යාහු ඒකාබද්ධව කළ ඇමතුමකින් කටාර් අගමැති ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් බින් ජාසිම් අල් තානි ගෙන් සමාව අයැද සිටියේය.
කටාර්හි හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් කටාර් සෙබළෙකු අහම්බෙන් මිය යාම පිළිබඳව පළමුව අගමැති නෙතන්යාහු සිය බලවත් කණගාටුව ප්‍රකාශ කළ බව ධවල මන්දිර ප්‍රකාශකයෙක් පැවසීය.
ප්‍රාණ ඇපකරුවන් පිළිබඳ සාකච්ඡා අතරතුර හමාස් නායකත්වය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය කටාර්හි ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම ගැන ඔහු තවදුරටත් කනගාටුව පළ කළ අතර අනාගතයේදී ඊශ්‍රායලය එවැනි ප්‍රහාරයක් නැවත සිදු නොකරන බවද එහිදි සහතික කළේය.