Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අඩු පහසුකම් සහිත පාසල් පුස්තකාලවලට පොත් පරිත්‍යාග කිරිමට අවස්ථාවක්

අඩු පහසුකම් සහිත පාසල් පුස්තකාලවලට පොත් පරිත්‍යාග කරන්න අවස්ථාවක්

අඩු පහසුකම් සහිත පාසල් පුස්තකාලවලට පොත් පරිත්‍යාග කරන්න අවස්ථාවක්

අඩු පහසුකම් සහිත පාසල් පුස්තකාල හා පළාත් පාලන ආයතන සතු මහජන පුස්තකාලවලට පොත් පරිත්‍යාග කිරීමේ අරමුණින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමඟාමීව ක්ලීන් ශ්‍රී ලංකා මහ ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ස්ථාපිත කළ කුටිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් සෙනසුරාදා (27) විවෘත කෙරිණි.

විඳින, සිතන, කියවන පරපුරක ඇරඹුම -‘‘අරුණුදොර‘‘ කියවීම් ප්‍රවර්ධන වැඩසටහනේ පළමු අදිය ලෙස ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය හා එල්.බී ෆිනෑස් ආයතනය සමඟ ක්ලීන් ශ්‍රී ලංකා මහ ලේකම් කාර්යාල එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.

මීට අමතරව කොළ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අතරතුර කියවීම් ප්‍රවර්ධන වැඩසටහනක්, කියවීම් කදවුරු හා කවිය, ගීතය, රසවින්දනය පිළිබඳ සංගීත රසාස්වාද වැඩසටහන් මාලාවක්ද සංවිධාන කර තිබේ.‍

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර, ක්ලීන් ශ්‍රී ලංකා අධ්‍යක්ෂක දුලිප් සොමිරත්න, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු එල් බී ෆිනෑන්ස් කළමනාකරණ අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ මහත්වරුන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ මූලස්ථාන කොමසාරිස්වරුන් වන පුෂ්පකුමාර මහගමමුල්ලගේ, ඉන්දික ප්‍රසන්න මහත්වරුන් ප්‍රමුඛ කොතලාවල, රුහුණු, කැළණිය, ජයවර්ධනපුර, කොළඹ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයන්හි හා ශ්‍රී පාලි මණ්ඩපයේ මානවක සමාජයේ මානවක බාලදක් බාලක බාලිකාවන් විසින් මෙම කුටිය වත්වා‍ගෙන යනු ලැබේ.

මීට සමඟාමීව දිවයින පුරා පිහිටි එල්.බී ෆිනෑස් ආයතන වෙතද කියවීමට සුදුසු තත්ත්වයේ පවතින පොත් පරිත්‍යාග කිරීමට හැකියාව ඇත.ඔක්තෝබර් 06 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශලා පරිශ්‍රයේදී කොළ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වේ.

Exit mobile version