Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පහල්ගම් ප්‍රහාරය ගැන කතා කළ ඉන්දීය නායක සූර්යකුමාර්ට ICCයෙන් දඩ

පහල්ගම් ප්‍රහාරය ගැන කතා කළ සූර්යකුමාර්ට ICCයෙන් දඩ

පහල්ගම් ප්‍රහාරය ගැන කතා කළ සූර්යකුමාර්ට ICCයෙන් දඩ

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පාකිස්තානයට එරෙහිව පැවති තරගයෙන් පසු ‘පහල්ගම්’ ප්‍රහාරය ගැන අදහස් දැක් වූ ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ට එරෙහිව ICCය දඩ නියම කර තිබේ.

ඒ අනුව ඔහුගේ තරග ගාස්තුවෙන් 30%ක දඩයක් නියම කර ඇති බව සඳහන් වේ.

මේ මස ඉකුත් 14 වනදා මෙම තරගය පැවති අතර, එම තරගයෙන් පාකිස්තානය කඩුලු 7කින් පරාජය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්චාවේදී ඉන්දීය නායකයා පවසා සිටියේ, එම ජයග්‍රහණය ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට වෙනුවෙන් කැපකරන බවයි.

එමෙන්ම ‘පහල්ගම්’ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල් සමග බේදාගන්නා බවයි.

කෙසේ නමුත් පාකිස්තානය එම ප්‍රකාශයට එරෙහිව ICCයට පැමිණිළි කර තිබේ.

ඒ අනුව ICC තරග තීරක රිචී රිචඩ්සන්ගේ ප්‍රධානත්වයෙන් පැවති විධිමත් සොයාබැලීමකින් අනතුරුව මෙම දඩ පැනීමේ අවසන් තීරණය ගෙන තිබේ.

කෙසේ වෙතත් ICC තීන්දුවට එරෙහිව ඉන්දියාව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

ඉන්දියාවේ ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන දකුණු කාශ්මීරයේ පහල්ගම්හි ඉකුත් අප්‍රේල් මස ඉස්ලාමීය බෙදුම්වාදී කණ්ඩායමක් විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
කෙසේ නමුත් ඉන්දියාව චෝදනා කළේ, මෙම ප්‍රහාරය පිටුපස පාකිස්තානය සිටින බවටයි.

ඒ හේතුවෙන් එම රටවල් දෙක අතර වෙඩි හුවමාරු කිහිපයක් සිදු වූ අතර, යුද්ධයක්ද ඇතිවීමට ගොස් අවසන් මෙහොතේ දෙරටම නිහඬ විය.

Exit mobile version