Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි 6කට වැඩි වටිනා අති නවීන දුරකතන; ටැබ් සමඟ 3ක් ගුවන්තොටේදී අත්අඩංගුවට

කෝටි 6කට වැඩි වටිනා අති නවීන දුරකතන; ටැබ් සමඟ 3ක් ගුවන්තොටේදී අත්අඩංගුවට

කෝටි 6කට වැඩි වටිනා අති නවීන දුරකතන; ටැබ් සමඟ 3ක් ගුවන්තොටේදී අත්අඩංගුවට

රුපියල් හය කෝටි විසි ලක්ෂයක් වටිනා අතිනවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ”හරිත මාවත” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් තිදෙනෙකු ඊයේ (24) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් තිදෙනාම කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අතරින් 39 හැවිරිදි සහ 62 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු සිටින අතර අනෙක් පුද්ගලයා 25 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මොවුන් ඊයේ (24) අලුයම 04.30ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ අතිනවීනතම ජංගම දුරකථන 559ක් සහ ටැබ් පරිගණක 80ක් සගවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අත්අඩංගුවේ තබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

Exit mobile version