Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දූෂ­ණ­යට එරෙ­හිව පිලි­පීන ජන­තාව මැනිලා නුවර වටලති

දූෂ­ණ­යට එරෙ­හිව පිලි­පීන ජන­තාව මැනිලා නුවර වටලති

දූෂ­ණ­යට එරෙ­හිව පිලි­පීන ජන­තාව මැනිලා නුවර වටලති

ගංව­තුර පාලන ව්‍යාපෘ­ති­ය­කදී ඩොලර් බිලි­යන ගණ­නා­වක මහ පරි­මා­ණයේ දූෂණ වංචා­වක් සිදු­වීම සම්බ­න්ධ­යෙන් කෝප­යට පත් දස­ද­හස් සංඛ්‍යාත ජන­තාව පිලි­පී­නයේ මැනිලා අග­නු­වර විරෝ­ධ­තා­ව­කට එක්වූ බවත්, පොලී­සිය සමඟ ගැටුම් ඇති­ක­ර­ගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට විශා­ල­තම දූෂණ විරෝධී ජනතා උද්ඝෝ­ෂ­ණ­යක් වෙනු­වෙන් අති­වි­ශාල පිරි­සක් එක්රැ­ස්වනු ඇතැයි අපේක්ෂා කර­මින් රජය විසින් පොලී­සිය හා හමු­දාව මැනිලා නුවර සීරු­වෙන් තබා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරෝ­ධතා අත­ර­තුර කැරලි මර්දන පොලී­සි­යට ගල් ප්‍රහා­ර­යක්ද එල්ල වී ඇති අතර, විරෝ­ධ­තා­ක­රු­වන් ටයර් පුලු­ස්ස­මින් ප්‍රච­ණ්ඩ­කාරී ලෙස හැසි­රුණු බවද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. විරෝ­ධ­තා­ක­රු­වන්ගේ පහ­ර­දී­මෙන් පොලිස් නිල­ධා­රීන් කිහි­ප­දෙ­නකු තුවාල ලබා ඇතැයි මැනිලා නුවර නග­රා­ධි­පති මොරෙනෝ ඩොම­ගෝසේ ප්‍රකාශ කර තිබේ.

Exit mobile version