Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිනක් තුළ තංගල්ලේ ලොරි 3කින් මතුවුණු අයිස් හා හෙරොයින් තොගය

දිනක් තුළ තංගල්ලේ ලොරි 3කින් මතුවුණු අයිස් හා හෙරොයින් තොගය

දිනක් තුළ තංගල්ලේ ලොරි 3කින් මතුවුණු අයිස් හා හෙරොයින් තොගය

තංගල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය තිබී හමු වූ ලොරි තුනේ තිබූ සම්පූර්ණ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ ගිනිඅවි සංඛ්‍යාව පොලීසිය විසින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, හෙරොයින් කිලෝග්‍රෑම් 245ක්, අයිස් කිලෝග්‍රෑම් 380ක්, පිස්තෝල 05ක් සහ ටී -56 ගිනි අවියක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහිත විශාල ලොරි රථයක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගෙන තිබුණා.

එම ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් ඊයේ (22) උදෑසන හමුවු අතර ඒ ආසන්නයේ නවතා තිබියදීයි මෙම ලොරි රථය හමුවී ඇත්තේ.

මළ සිරුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී අදාළ නිවස අසල නවතා තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක තිබී තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා.

මේ අතර, අද දහවල් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල ප්‍රදේශයෙන්ම සොයා ගැනුණා.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ ලොරි රථයක තිබී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි.

අදාළ ලොරි රථයේ තිබී නවීන ගිනිඅවි 04ක්ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

Exit mobile version