Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කටුනායක ගුවන්තොටුපොළේ වැසිකිළියකින් මතු වූ කෝටි 1,1/2ක මත්ද්‍රව්‍ය

කටුනායක ගුවන්තොටුපොළේ වැසිකිළියකින් මතු වූ කෝටි 1,1/2ක මත්ද්‍රව්‍ය

කටුනායක ගුවන්තොටුපොළේ වැසිකිළියකින් මතු වූ කෝටි 1,1/2ක මත්ද්‍රව්‍ය

රුපියල් එක්කෝටි හැට අට ලක්ෂ හතළිස්දහසක් වටිනා කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, පිරිමි වැසිකිළිය තුළ දමා ගොස් තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (20) සොයා ගෙන ඇත.

මෙහි කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 422ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 262ක් තිබී සොයා ගෙන ඇත.

වැසිකිළිය පිරිසිදු කිරීමට පැමිණි සේවකයෙකු විසින් මෙම පාර්සල් කිහිපය දැක ඇති අතර ඔහු ඒ පිළිබඳව කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දැනුවත් කර තිබේ.

පසුව ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් කර ඇති අතර ඔවුන් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයට ගෙන ඇත.

කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

Exit mobile version