Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ පළමු පාසල් අවදානම් දර්ශකය එළිදැක්වේ

ශ්‍රී ලංකාවේ පළමු පාසල් අවදානම් දර්ශකය එළිදැක්වේ

ශ්‍රී ලංකාවේ පළමු පාසල් අවදානම් දර්ශකය එළිදැක්වේ

පාසල් තුළ ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරිමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ පළමු පාසල් අවදානම් දර්ශකය එළිදැක්වීම කොළඹ දී සිදුකෙරුනි.

අධ්‍යාපන ආයතනවල ආපදා අවදානම් අවම කිරීම සඳහා ප්‍රමුඛතාව දියයුතු බව හඳුනාගෙන තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය /අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ඒ සඳහා පාසල් ආපදා අවදානම් දර්ශකය නිකුත් කිරීමට කටයුතු කර තිබේ

මෙම දර්ශකය රට පුරා සියලු රජයේ පාසල් ආවරණය කරනු ඇත.

ගංවතුර /නියගය /නායයෑම් /සුනාමි /දැඩි සුළං /අකුණු සහ කුණාටු රළ ඇතුලු ප්‍රධාන ස්වභාවික උපද්‍රව වලින් ආරක්ෂා වීම මෙහි අරමුණයි.

මේ සඳහා සකස් කළ පාසල් ආපදා අවධානම් දර්ශකය එළිදැක්විම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

Exit mobile version