Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි 21ක රන් බිස්කට් සමඟ ගුවන්තොටුපොළ සේවකයෙකු අත්අඩංගුවට

කෝටි 21ක රන් බිස්කට් සමඟ ගුවන්තොටුපොළ සේවකයෙකු අත්අඩංගුවට

කෝටි 21ක රන් බිස්කට් සමඟ ගුවන්තොටුපොළ සේවකයෙකු අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයෙකු රුපියල් විසි එක් කෝටි පන් ලක්ෂ විසි හතර දහස් පන් සිය හැත්තෑ පහයි ශත තිස් පහක් වටිනා රන් බිස්කට් තොගයක් තම දෙකකුළෙහි සගවා ගෙන ඊයේ (14) උදෑසන කටුනායකට ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු මීගමුව, කදවල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙකු වන අතර, ඔහු සිවිල් ගුවන් ආරක්ෂක සේවා සංවිධානයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන්නෙකි.

ඔහු කැරට් 24 ගුණාත්මක අගයකින් යුතු රන් බිස්කට් 51ක් තම දෙකකුළෙහි විශේෂ වෙළුම් පටි වලින් ඔතා ගෙන, ඒවා යළි සිය මේස් වලින් වසා ගෙන, කටුනායක ගුවන් තොටුපොළ කාර්යය පිටව යාමට ඇති විශේෂ කවුළුවෙන් පිට වී යමින් සිටියදී (14) උදෑසන 06.50ට ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම රන් බිස්කට් කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 941ක බරකින් යුතු අතර මේවා කිසියම් පුද්ගලයෙකු මොහුට ගුවන් තොටුපොළෙන් පිට කර දීම සදහා භාර දෙන්නට ඇතැයිද එසේම මොහු දිගු කළක් තිස්සේ මෙම ජාවාරම කර ගෙන යන්නට ඇතැයිද රේගු නිලධාරීහු සැක පහළ කරති.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු මොහු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

Exit mobile version