2026 වර්ෂය තුළ අනුගමනය කළ යුතු පාසල් වාර සටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව 2026.01.01 බ්‍රහස්පතින්දා සිට 2026.02.13 සිකුරාදා තෙක් සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු වාරයේ පළමුවන අදියර ආරම්භ වනු ඇත.
පළමු වාරයේ පළමු වන අදියරයේ නිවාඩු 2026.02.14 සිට 2026.03.02 වනදා තෙක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ පාසල් වාර සටහනේ දැක්වේ.
ඉන් අනතුරුව පළමු වාරයේ දෙවන අදියරය 2026.03.03 අඟහරුවාදා සිට 2026.04.10 සිකුරාදා තෙක් පැවැත්වෙනු ඇත.
2026.04.11 සිට 2026.04.19 වනදා තෙක් පළමු වාරයේ දෙවන අදියරය සඳහා නිවාඩු ලබාදෙනු ඇත.
දෙවන පාසල් වාරය 2026.04.20 සඳුදා සිය 2026.07.24 සිකුරාදා තෙක් පැවැත්වෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
තෙවන පාසල් වාරයේ පළමු වන අදියර 2026.07.27 සඳුදා සිට 2026.08.07 සිකුරාදා තෙක් පැවැත්වනු ඇත.
තෙවන පාසල් වාරයේ පළමු වන අදියර සඳහා නිවාඩු ලබාදෙනු ලබන්නේ, 2026.08.08 සිට 2026.09.06 වන දින තෙක් ද තෙවන පාසල් වාරයේ දෙවන වන අදියර 2026.09.07 සඳුදා සිට 2026.12.04 සිකුරාදා තෙක් පැවැත්වෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මුස්ලිම් පාසල් සඳහා නිකුත්කළ 2026 වර්ෂය තුළ අනුගමනය කළ යුතු පාසල් වාර සටහන පහතින්: