Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ග්‍රාමීය පාලම් සඳහා නෙදර්ලන්තයෙන් යුරෝ 730,000ක ප්‍රධානයක්

ග්‍රාමීය පාලම් හදන්න නෙදර්ලන්තයෙන් යුරෝ 730,000ක ප්‍රධානයක්

ග්‍රාමීය පාලම් හදන්න නෙදර්ලන්තයෙන් යුරෝ 730,000ක ප්‍රධානයක්

ග්‍රාමීය පාලම් සැලසුම් කිරීම සහ ඉදිකිරිමේ ව්‍යාපෘතියට සහාය වීම සඳහා නෙදර්ලන්තය ශ්‍රී ලංකාවට යුරෝ හත්ලක්ෂ තිස්දහසක අතිරේක ප්‍රධානයක් අනුමත කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව පුරා ග්‍රාමීය පාලම් 162ක් ඉදිකිරීම අරමුණයි. පාලම් 151ක වැඩකටයුතු දැනටමත් අවසන් කර තිබෙනවා.

සියලු පාලම්වල ඉදිකිරීම් ලබන පෙබරවාරි වන විට අවසන් කිරීම අපේක්ෂාවයි.

නෙදර්ලන්තයේ සහයෝගය අගයකරමින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ශ්‍රී ලංකාවේ වැඩබලන නෙදර්ලන්ත තානාපතිවරයා වෙත ප්‍රසාදය පළ කර සිටියා. ඒ අමාත්‍යාංශයේ සිදුවු හමුවකදීයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සඳහා නෙදර්ලන්තය අඛණ්ඩව සහාය ලබාදෙන බව තානාපතිවරයා මෙහිදී පැවසුවා.

Exit mobile version