Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ICC කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය ඊයේ(10) නම් කළේය.

තුන්ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් අතර, එහි උපනායිකාව ලෙස අනුෂ්කා සංජීවනී නම්කර ඇත.

මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 30වනදා සිට නොවැම්බර් 2 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය 30 වැනිදා ගුවාතිහිදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය

1) චමරි අතපත්තු (නායිකාව), 2) හසිනි පෙරේරා, 3) විශ්මි ගුණරත්න, 4) හර්ෂිත සමරවික්‍රම, 5) කවිෂා දිල්හාරි, 6) නිලක්ෂි ද සිල්වා, 7) අනුෂ්කා සංජීවනී (උපනායිකාව), 8) ඉමේෂා දුලානි, 9) දෙව්මි විහංඟා, 10) පියුමි වත්සලා, 11) ඉනෝකා රණවීර, 12) සුගන්දිකා කුමාරි, 13) උදේශිකා ප්‍රබෝධනී, 14) මල්කි මදාරා, 15) අචිනි කුලසූරිය

Exit mobile version