නේපාල විරෝධතාකරුවන් විසින් එරට පාර්ලිමේන්තුවේ ගොඩනැගිල්ලකට ගිනිතබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මීට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය තහනමට එරෙහිව රට පුරා පවතින අඛණ්ඩ විරෝධතා හමුවේ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලිද ඉල්ලා අස්වුණා.
විදෙස් වාර්තා සඳහන් කළේ, භක්තපූර්, බෝල්කොට් හි පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසද විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බවයි.
මේ අතර කත්මන්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතුද තාවකාලිකව නවතා දමා ඇතැයිද වාර්තා වනවා.
පසුගිය දින දෙකෙහි පැවති විරෝධතාවලදී පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසු නේපාලය, ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය සඳහා පනවා තිබූ තහනම ඉවත් කරනු ලැබූවා.