පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගෙවීගිය කාලසීමාවේ දී ජූනි මාසය දක්වා කාලයේදී රජය රුපියල් බිලියන 380ක් වැටුප් සහ වේතන සඳහා වැයකර තිබෙනවා.
ඉකුත් වසරේ එම කාලසීමාවේදී වැටුප් හා වේතන සඳහා වැයකර ඇත්තේ රුපියල් බිලියන 352ක්.
ඉකුත් වසරේ එම කාලසීමාවේදී සහනාධාර ලබාදීමට රුපියල් බිලියන 570ක් වියදම්කර ඇති අතර මේ වසරේ එය රුපියල් බිලියන 687ක් දක්වා වර්ධනය වී තිබෙන බව රජයේ මූල්‍ය කාර්ය සාධන වාර්තාවේ දැක්වෙනවා.
රාජ්‍ය වියදම් අඩුකර ගනිමින් ජනතාවට සහන සැළසීමට වත්මන් රජය ප්‍රතිපත්තිමය ගෙන ඇති තීරණ මේ වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
මේ වසරේ රාජ්‍ය සේවකයින්ගේ පවා වැටුප් හා වේතන ඉහළ දමමින් නිසි ක්‍රමවේදයකට සහනාධාර ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට සුවිශේෂී දායකත්වයක් ලබාදී තිබෙනවා.
ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා රාජ්‍ය සේවය වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීරණ රැසක් රජය මගින් ගනු ලැබුවා.
ඒ යටතේ රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප වැඩිකළ අතර රුපියල් 24,250ක්ව පැවති අවම වැටුප 40,000 දක්වා වැඩි කිරීමටයි රජය පියවර ගත්තේ.
එමෙන්ම රුපියල් 3,000කින් විශ්‍රාම වැටුප් වැඩි කිරීමටද රජය කටයුතු කළා.
පුද්ගලික අංශයේ අවම මූලික වැටුප වැඩි කිරීමටද රජය ඉල්ලා සිටි අතර එහිදී 21,000ක්ව පැවති අවම මූලික වැටුප 27,000 දක්වා ඉහළ ගියා.
එමෙන්ම ආපදා ණය සීමාවද ඉහළ දැමීමට රජය කටයුතු කළා.
එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයද ලබාදී ඇති දීමනාද සුවිශේෂී වනවා. 5වසර ශිෂ්‍යත්ව ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 සිට 1,500 දක්වා වැඩිකරනු ලැබුවා. රුපියල් 5,000ක් වූ මහපොල ශිෂ්‍යත්ව දීමනාවද රුපියල් 7,500 දක්වා වැඩිකිරීමටයි කටයුතු කෙරුණේ.
පාසල් ලිපි ද්‍රව්‍ය සහ පොත් මිලදී ගැනීමට රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමටද කටයුතු කළා. පාසල් ළමයින් සදහා රුපියල් 60ක්ව පැවති ආහාර දීමනාවද රුපියල් 100 දක්වා ඉහළ දැමුණා. දහම්පාසල් ගුරු දීමනාව 5,000 සිට 7,500 දක්වා වැඩි කළා.
පෙර පාසල් ගුරුවරුන්ගේ මාසික දීමනාව රුපියල් දහසකින් වැඩි කිරීමටද කටයුතු කළා.
කෘෂිකර්ම ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමටද නව රජය වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරනු ලැබුවා. ඒ යටතේ වී ගොවීන් සදහා පොහොර සහනාධාරය වැඩිකිරීම ගොවීන්ට මහත් සහනයක් වුණා. ඒ අනුව හෙක්යාරයකට ලබාදුන් රුපියල් 15,000ක් වූ සහනාධාරය 25,000 දක්වා ඉහළ දැමුණා.
සමාජ සුබසාධනය වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගද මෙහිලා ඉතා වැදගත් වනවා. රුපියල් 8,500ක් සහ රුපියල් 10,000ක් වූ අස්වැසුම සහනාධාරය පි ළිවෙළින් රුපියල් 10,000 සහ 17,500 දක්වා ඉහළ දැමුවා. වකුගඩු රෝගීන් සහ ආබාධ සහිත පුද්ගලයින් සදහා වන මාසික දීමනාවද වැඩි කිරීමටයි කටයුතු කෙරුණේ. එහිදී රුපියල් 7,500ක් වූ අදාළ දීමනාව රුපියල් 10,000 දක්වා ඉහළ දැමුණා.
රුපියල් 3,000ක් වූ වැඩිහිටි දීමනාවද වැඩි කෙරුණු අතර එය රුපියල් 5,000 දක්වා ඉහළ දැමීමටයි රජය කටයුතු කර තිබුණේ.
මෙම සියලු සහනාධාර තුළින් රජය අපේක්ෂා කළේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටයි.