Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සූදු පිටියක් වටලා කාන්තාවන් 11ක් ඇතුළු 15ක් අත්අඩංගුවට

සූදු පිටියක් වටලා කාන්තාවන් 11ක් ඇතුළු 15ක් අත්අඩංගුවට

සූදු පිටියක් වටලා කාන්තාවන් 11ක් ඇතුළු 15ක් අත්අඩංගුවට

ලුනාව ප්‍රදේශයේ සූදු පිටියක් පවත්වාගෙන ගිය බව කියන කාන්තාවන් 11 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් හතරදෙනෙකු අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය සඳහන් කරනවා.

ලැබුණ තොරතුරකට අනුව එම වැටලීම සිදුකර ඇති අතර ප්‍රදේශවාසීන්ට කරදරකාරි වන ලෙස එම සූදු පිටිය පවත්වාගෙනගොස් ඇති බව හෙළි වී තිබෙනවා.

එම සැකකාර කණ්ඩායමේ ඇතමුන් සූදුපිටිය සිය රැකියාව ලෙස කරගෙනගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

උදෑසන සිට රාත්‍රිය දක්වා ක්‍රියාත්මකව පවතින මෙම සූදු පිටියේ මුදල් පොලියට දීමට පවා කණ්ඩායම් සිටින බව සඳහන් කරන පොලිසිය සූදු පිටිය ප්‍රදේශවාසීන්ට දැඩි හිංසාකාරී ලෙස පවතින්නක් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට පත් සැකකාරියන් මොරටුව ලුනාව සහ අගුලාන ප්‍රදේශයන්හි පදිංචිකාරියන්.

සැකකරුවන් රැකියාවක් නොකරන ලුනාව ප්‍රදේශයේම පදිංචිකරුවන්.

අඟුලාන පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරයි.

Exit mobile version