Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2025 පළමු මාස 8ට විදෙස් ප්‍රේෂණත් ඩො.බි 5 ඉක්මවයි

මාර්තු මාස‍යේ විදෙස් ප්‍රේෂණ ඉහළට

මාර්තු මාස‍යේ විදෙස් ප්‍රේෂණ ඉහළට

මහ බැංකු සංඛ්‍යා ලේඛනවලට අනුව අගෝස්තු මාසයේ දී ඇමෙරිකා ඩොලර් මිලියන 680යි දශම 8ක් විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබී තිබෙනවා.

මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා විදේශ සේවා නියුක්තිකයින්ගේ මුලු ප්‍රේෂණ ඇමෙරිකා ඩොලර් බිලියන 5.116ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 19.3ක වැඩිවීමක්.

මේ අතර මෙම වසරේ පළමු මාස 8 තුළ සංචාරක ඉපැයීම් ඇමෙරිකා ඩොලර් බිලියන 2 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව පළමු මාස 8 තුළ සංචාරක ඉපැයීම් ඇමෙරිකා ඩොලර් බිලියන 2.03ක් ලෙස වාර්තා වූ අතර එය 2024 වසරේ මුල් මාස 8 තුළ වාර්තා වූ ඇමෙරිකා ඩොලර් බිලියන 1.88ක සංචාරක ඉපැයීම් හා සසදනවිට සියයට 7.8ක වැඩිවීමක්.

Exit mobile version