Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට තරඟාවලි ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට තරඟාවලි ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට තරඟාවලි ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පන්දුවාර විස්ස තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ දිනයේ (07) සමත් වුණා.

තරග‍යේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20තුළ කඩුලු 8ක් දැවී ලකුණු 191ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Tadiwanashe Marumani ලකුණු 51ක් හා නායක Sikandar Raza ලකුණු 28ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂාන් හේමන්ත කඩුලු 3ක් හා දුෂ්මන්ත චමීර කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4කදී කඩුලු 2ක් පමණක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 33ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් හා නොදැවී පන්දුවට පහරදුන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 46ක් හා කමිල් මිෂාර සිය මංගල අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 73ක් ලබාගත්තා.

ඒ අනුව තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Exit mobile version