Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රථ වාහන නීති දැඩි ලෙස ක්‍රියාත්මක වේ.

රථ වාහන නීති දැඩි ක්‍රියාත්මක වෙයි

රථ වාහන නීති දැඩි ක්‍රියාත්මක වෙයි

රථවාහනවල අන්තරාදායක අමතර කොටස් ඉවත් කිරීමේ නීතිය අද දින (08) සිට දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් සියලු පරික්ෂා කිරීම් පොලිස් නිලධාරීන් අද (08) සිට දැඩි ලෙස සිදුකරනු ඇති බවයි.

බස්රථවල මෙන්ම ඇතැම් වාහනවල අමතරකොටස් සවිකිරීම තුළින් රියදුරුට නිසිලෙස මාර්ගය නොපෙනීම හේතුවෙන් අනතුරු සිදුවන බවට තහවුරු වී තිබුණා.

ඒ අනුවයි රථවාහනවල අන්තරාදායක අමතර කොටස් ඉවත් කිරීම සිදු කෙරුණේ.

අදියර දෙකක් යටතේ එය සිදු කිරීමට පොලිසිය පියවර ගත් අතර අද (08) දිනයේ සිට එම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

ඒ අනුව විවිධ නාද රටා විවිධ වර්ණ සහිත අමතර පහන් නීති විරෝධී සවිකිරීම්, ඝෝෂාකාරී නලා, අධික ශබ්ද සහිත සයිලන්සර්, අලාභය ඉහළ ආකාරයෙන් අන්තරාදායක ලෙස සවිකර ඇති අමතර කොටස්, ඉෂ්ඨ රූප, සමගින් ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටයි අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙන්නේ.

Exit mobile version