Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කරයි

පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කරයි

පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කරයි

මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් 4 දෙනෙකු පත්කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ලබාදුන් ලැයිස්තුවට අදාළව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඊට අදාළ අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව දර්ශිකා කුමාරි, පද්මිණී වීරසූරිය, රේණුකා ජයසුන්දර සහ නිශානි සෙනෙවිරත්න නව කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස වැඩ භාරගැනීමට නියමිතය.

ආධුනික උප පොලිස් පරීක්ෂකවරියන් ලෙස මින් තිදෙනෙකු 1997 වසරේදී ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වී තිබේ.
ඒ අනුව අදාළ උසස්වීම් මෙම වසරේ ජනවාරි මස 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරෙන බවද සඳහන්ය.

මෙම පොලිස් නිලධාරිනියන් 4 දෙනාගෙන් දර්ශිකා කුමාරි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අණ දෙන නිලධාරිනිය ලෙස මේ වනවිටත් කටයුතු කරනු ලබන අතර ඇය එම මූලස්ථානයේ පළමු කාන්තා අනදෙණ නිලධාරිනියද වෙයි.

මේ වනවිට කළුතර දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පද්මිණී වීරසූරිය කටයුතු කරන අතර ඇය පොලිස් ඉතිහාසයේ දිස්ත්‍රික්කයක් භාරව කටයුතු කළ පළමු නිලධාරිනියද වෙයි.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රේණුකා ජයසුන්දර මහත්මිය ඵමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස කටයුතු කරන අතර නිශානි සෙනෙවිරත්න මහත්මිය පර්යේෂණ හා තොරතුරු කොට්ඨාසයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස කටයුතු කරනු ලබය.

නිශානි සෙනෙවිරත්න මහත්මිය මෙම සිව්දෙනා අතරින් ජ්‍යේෂ්ඨතම නිලධාරිනිය වන අතර ඇය දීර්ඝ කාලයක් රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කර ඇත.

Exit mobile version