Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ව්‍යාජ අංක තහඩු සහිත සැප රියක් පැදවූ වෛද්‍යවරිය අත්අඩංගුවට

රු 50000ක අල්ලසක් ගත් පුද්ගලික අංශයේ ආරක්ෂකවරයෙකු අත්අඩංගුවට

රු 50000ක අල්ලසක් ගත් පුද්ගලික අංශයේ ආරක්ෂකවරයෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී මෝටර් රථයක් ධාවනය කරමින් සිටි වෛද්‍යවරියක මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද දුරකථන ඇමතුමකට අනූව මහනුවර වාරියපොළ සුමංගල මාවතේ දී සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාරියගේ සැමියාද වෛද්‍යවරයෙකු වන අතර මෙම මෝටර් රථයේ හිමිකාරීත්වය ඔහු යටතේ පවතින නමුත් එහි තිබූ අංක තහඩු ඔහුගේ සහෝදරයෙකුට අයත් මෝටර් රථයක අංක තහඩු බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

සැකකාර වෛද්‍යවරිය මහනුවර පේරාදෙණියේ පිහිටි ප්‍රධාන රෝහලක සේවය කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් පරීක්ෂණ පවත්වයි.

Exit mobile version