අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මහජනතාවට අල්ලස් හා දූෂණ සිදුවීම් පහසුවෙන් වාර්තා කිරීම සඳහා නව වට්ස්ඇප් අංකයක් හඳුන්වා දී තිබේ.
අල්ලස් ගැනීමක් හෝ අල්ලස් දීමක් සම්බන්ධයෙන් වන පැමිණිලි 077 777 1954 වට්ස්ඇප් දුරකතන අංකය ඔස්සේ කොමිසමට ලබාදෙන ලෙස කොමිසම දැනුම් දෙයි. මෙම නව අංකය හඳුන්වාදීමේ අරමුණ පැමිණිලි ක්රියාවලිය වේගවත් කිරීම බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි.