Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයට 554ක් බඳවා ගැනීමට අනුමැතිය

බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයට 554ක් බඳවා ගැනීමට අනුමැතිය

බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයට 554ක් බඳවා ගැනීමට අනුමැතිය

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරීන්ගේ හිඟයට විසඳුමක් වශයෙන් අදාළ පුරප්පාඩු සඳහා 554 දෙනෙකු බඳවා ගැනීමට රජය අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, බන්ධනාගාර නියාමකවරුන් (පිරිමි) 409 දෙනෙකුද, බන්ධනාගාර නියාමකවරියන් 70 දෙනෙකුද, බන්ධනාගාර II පෙළ ජේලර්වරුන් 55 දෙනෙකුද, බන්ධනාගාර II පෙළ ජේලර්(කාන්තා)07 දෙනෙකුද, බන්ධනාගාර II පෙළ පුනරුත්ථාපන (පිරිමි)නිලධාරීන් 10 දෙනෙකු සහ බන්ධනාගාර II පෙළ පුනරුත්ථාපන නිලධාරී(කාන්තා)03 දෙනෙකුද බඳවා ගැනීමට නියමිතය.

අදාළ පුරප්පාඩු 2025 අගෝස්තු 29 වන දින රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා අවධාරණය කරයි.

Exit mobile version