Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ 'හයිටොප් තුෂාරගේ' ගෝලයෙකු අත්අඩංගුවට

ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ 'හයිටොප් තුෂාරගේ' ගෝලයෙකු අත්අඩංගුවට

අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනේ,අක්කරෙයිපත්තුව ඇතුළු ප්‍රදේශ කිහිපයක මත්ද්‍රව්‍ය අලෙවිකරන ප්‍රධාන ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අම්පාර පොලිස් අධිකාරී කාර්යාලයේ කොට්ඨාස දූෂණ මර්දන අංශය කළ වැටලීමකදීයි.

නින්දවූර් ප්‍රදේශයේ කළ වැටලීමේ දී සැකකරු ළඟ තිබී අයිස් ග්‍රෑම් 23යි මිලිග්‍රෑම් 300ක්ද සොයා ගෙන තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් සුඛෝපභෝගී මෝටර් රථයක්, ජංගම දුරකතන 3ක්, බැංකු කාඩ්පත් 4ක් සහ බැංකු පොතක්ද පොලිස් නිලධාරීන් සොයාගෙන ඇත.

වයස අවුරුදු 46ක් වන නින්දවූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පවසන්නේ.

මෙම පුද්ගලයා කල්මුණේ, අක්කරෙයිපත්තුව, නින්දවූරු ඇතුළු ප්‍රදේශ ගණනාවකට මත්ද්‍රව්‍ය බෙදාහරින බවට තොරතුරු හෙළිව තිබේ.

Exit mobile version