Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පේරාදෙණිය – මහනුවර අතර දුම්රිය ධාවනයට සීමා

පේරාදෙණිය – මහනුවර අතර දුම්රිය ධාවනයට සීමා

පේරාදෙණිය – මහනුවර අතර දුම්රිය ධාවනයට සීමා

දුම්රිය හරස් මාර්ගයක සිදුකරන නඩත්තු කටයුක්තක් හේතුවෙන් ලබන සැප්තැම්බර් මස 05 වනදා සිට 07 වනදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය ධාවනය සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ටිකිරි මැණිකේ සහ උඩරට මැණිකේ දුම්රිය දෙක එම දින තුන තුළ පේරාදෙණිය සහ මහනුවර අතර ධාවනය නොවන බව සදහන් වේ.

ඒ අනුව ටිකිරි මැණිකේ දුම්රිය, නානුඔයේ සිට පේරාදෙණිය හරහා කොළඹ කොටුව දක්වා ධාවනය වන අතර උඩරට මැණිකේ දුම්රිය කොළඹ කොටුවේ සිට පේරාදෙණිය හරහා බදුල්ල දක්වා ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දුම්රියවලින් ගමන් පහසුකම් සළසා ගැනීම සඳහා මහනුවර දුම්රිය ස්ථානය වෙත පැමිණෙන මගීන්ට බස් රථ මගින් පේරාදෙණිය දක්වා ගමන් කිරීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැළසීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version