Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පැය 24ක් තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මරුට

පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මරුට

පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මරුට

රිය අනතුරු හේතුවෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ පරන්තන්, මොරවැව, අනුරාධපුර, වලස්මුල්ල හා අරලගංවිල ප්‍රදේශවලදි අනතුරු සිදුව ඇති බවයි.

ඒ නවය මාර්ගයේ පරන්තන්හිදි අනතුරට පත්ව නවතා තිබූ ලොරියක පිටුපස යතුරු පැදියක් ගැටීමෙන් එහි ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ 25 හා 27 හැවිරිදි තරුණයින් දෙදෙනෙක්.

මොරවැව ප්‍රදේශයේදී යතුරු පැදියක් හා පාපැදියක් ගැටීමෙන් 71 හැවිරිදි පාපැදිකරුවෙකු මියගොස් තිබෙනවා.

අනුරාධපුර මල්වතුඔය යකඩ පාලම අසලදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් 26 හැවිරිදි ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ, හක්මන වලස්මුල්ල මාර්ගයේ නතුවල හන්දියේදී යතුරුපැදියක් සුනඛයෙකුගේ ගැටී අනතුරට ලක්වීමෙන් 56 හැවිරිදි ගොඩවැන්න මීඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මියගොස් ඇති බවයි.

අරලගංවිල මනම්පිටිය මාර්ගයේ මැදගම ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් පදිකයෙකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

Exit mobile version