Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙහිවල සත්වෝද්‍යානයේ උපත ලැබු නයිල් හිපෝ පැටවා මහජන ප්‍රදර්ශනයට

දෙහිවල සත්වෝද්‍යානයේ උපත ලැබු නයිල් හිපෝ පැටවා මහජන ප්‍රදර්ශනයට

දෙහිවල සත්වෝද්‍යානයේ උපත ලැබු නයිල් හිපෝ පැටවා මහජන ප්‍රදර්ශනයට

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ ජිවත් වන නෙලා හා හියුබට් යන නයිල් හිපෝ යුවලට පසුගිය බදාදා (27) උපත ලැබු පැටවා මහජන ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා.

මෙම යුවලටදාව උපත ලැබු හතරවන හිපෝ පැටවා නැරඹීමට විශාල පිරිසකගේ උනන්දුවක්ද පවතිනවා.

නයිල් හිපෝ සත්ත්වයින් අප්‍රිකාව නිජබිම කර ගනිමින් ජිවත් වනවා. සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ චෙක් ජනරජයෙන් 2012 වසරේ දී නෙලා හා හියුබට් යන දෙදෙනා මෙරටට ලැබී තිබෙනවා.

මේ අතර පසුගියදා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික සත්ත්වෝද්‍යානයට ලබාදුන් යෝධ ඉබ්බෙක්ද මේ වන විට මහජන ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා.

වයස අවුරුදු 153ක් පමණ වන යෝධ ඉබ්බා පසුගිය දිනවල ශ්වසන ආබාධයකින් පසුවුණා. මුහුදු සුළං වැදීම හා නිරාහාරව සිටිම හේතුවෙන් මෙසේ අසනීප තත්ත්වයෙන් පසුවීම නිසා යෝධ ඉබ්බා අත්තිඩිය වනජීවි සුරැකුම් මධ්‍යස්ථානයට යොමුකෙරුණේ වෛද්‍ය ප්‍රතිකාර සදහායි.

සුවය ලැබීමෙන් පසු එම සත්ත්වයාද දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයට ලබා දී තිබෙනවා.

Exit mobile version