ඉන්දුනීසියාවේ ජකර්තා හිදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සෙසු පතාල සාමාජිකයින් 5 දෙනා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජකර්තා අගනුවරින් පිටත් වූ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළට ළගා වූයේ අද (30) රාත්‍රී 7.20ට පමණයි.
මේ අතර මෙරටට රැගෙන එනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත යන පාතාල කල්ලි සමාජිකයින් දෙදෙනා විශේෂිත සිර මැදිරි 2ක රදවා තැබීමට ආරක්ෂක අංශ තීරණය කර තිබෙනවා.
ඔවුන් සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් වන්නේ පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැබිලි ලහිරුයි.