Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායලය ගාසා වෙත ප්‍රහාර වේගවත් කරයි; පුද්ගලයින් 61ක් මරුට

ඊශ්‍රායලය ගාසා වෙත ප්‍රහාර වේගවත් කරයි; පුද්ගලයින් 61ක් මරුට

ඊශ්‍රායලය ගාසා වෙත ප්‍රහාර වේගවත් කරයි; පුද්ගලයින් 61ක් මරුට

ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ නැගෙනහිර සහ දකුණු අසල්වැසි ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ප්‍රහාර වේගවත් කර තිබේ.

බ්‍රහස්පතින්දා අලුයම සිට ගාසා තීරය පුරාවට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 61 දෙනෙකු මිය ගොස් ඇතැයි අල් ජසීරා ප්‍රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම මෙහෙයුම හේතුවෙන් සැලකිය යුතු ජීවිත හානි සිදුවනු ඇති බවටත්, එහි නවාතැන් ගෙන සිටින දළ වශයෙන් මිලියනයක පලස්තීනුවන් අවතැන් කරනු ඇති බවටත් සදහන් වේ.

ජාත්‍යන්තර ඉල්ලීම්ද නොතකා හරිමින් ඊශ්‍රායල හමුදාව ගාසා නගරය අල්ලා ගැනීමට මෙලෙස සූදානම්වන තත්ත්වයක් දක්නට ලැබේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝයෝ ගුටරෙස්ද මෙම ප්‍රහාර හෙළා දැක ඇති අතර ඔහු බ්‍රහස්පතින්දා පැවසුවේ එය යුද්ධයේ “නව හා භයානක අවධියක් සංඥා කරන” බවයි.

Exit mobile version