Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ක්‍රීඩා සංගම් කිහිපයක් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් යටතට

ක්‍රීඩා සංගම් කිහිපයක් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා යටතට

ක්‍රීඩා සංගම් කිහිපයක් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා යටතට

ක්‍රීඩා සංගම් කිහිපයකට අදාළව නිසි බලධාරියා ලෙස, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා පත් කර තිබෙනවා.

ඒ අනුව, මලල ක්‍රීඩා, මේස පන්දු සහ ජිම්නාස්ටික් යන සංගම්වල කාර්යයන් ඉටු කිරීම සඳහා එම ලේකම්වරයා පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීම සඳහා සහ නිලවරණ පැවැත්වෙන තෙක් අදාළ පත් කිරීම සිදු කර ඇති බවයි ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 හා 33 වගන්ති වලට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

Exit mobile version