අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් ගොවිදුපුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක් අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ග්‍රාම නිලධාරිනිය බරවාය ග්‍රාම නිලධාරි වසමට අනුයුක්තව සේවය කර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ නිලධාරිනිය අල්මාරියක් ලබා ගැනීම සඳහා රුපියල් 23,500 වටිනා මුදල් ගෙවන ලද බිලක් ලබා ගන්නා අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් ග්‍රාම නිලධාරිනිය සියඹලාණ්ඩුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා