ඊශ්‍රායල සහ ඉරාන යුද ගැටුම් අතරතුර අමෙරිකානු ගුවන් හමුදාවෙන් ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සිදුවූ හානිය සම්බන්ධව අමෙරිකානු ජනාධිපතිවරයා සහ පෙන්ටගනය පරස්පර විරෝධී ප්‍රකාශ නිකුත් කිරිම හේතුවෙන් එරට ආරක්ෂක ලේකම් පෙට් හෙග්සෙත් පෙන්ටගනයේ බුද්ධි ඒජන්සියේ ප්‍රධානියා ධුරයෙන් නෙරපා දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පෙන්ටගනයේ බුද්ධි ඒජන්සි ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ජෙෆ්රි කෘස් තවදුරටත් එම තනතුරෙහි කටයුතු නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් පෙන්ටගනය තහවුරු කර ඇති අතර, තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකුද සේවයෙන් ඉවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඉරානයේ න්‍යෂ්ටි බලාගාර වෙත එල්ල කළ අමෙරිකානු ගුවන් ප්‍රහාර සාර්ථක බවත්, එම ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික බලාගාර සම්පූර්ණයෙන්ම විනාශ වූ බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එවකට කළ ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් පෙන්ටගනයේ දත්ත කාන්දු වීමක් මත හෙළි වූ එම ප්‍රහාරයේ තොරතුරු සම්බන්ධ වාර්තාවකින් පෙන්නුම් කර ඇත්තේ ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට සිදුවූ විනාශය බරපතළ නොවන බවය.