Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙරට මුහුදු සීමාව තුළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදු කිරීමේ පූර්ණ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට

මෙරට මුහුදු සීමාව තුළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදු කිරීමේ පූර්ණ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට

මෙරට මුහුදු සීමාව තුළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදු කිරීමේ පූර්ණ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට

කැබිනට් අනුමැතියෙන් පසු ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙරට ස්වාධීන සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදුකිරීමේ පූර්ණ වගකීම ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල වශයෙන් බලය පවරා ඇත.

මේ පිළිබඳ තීන්දු තීරණ ගැනීම සහ මෙහෙයුම් සිදු කරන ආකාරය පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා 18 සහ 21 දිනවල ඉහළ මට්ටමේ සමාලෝචන රැස්වීම් පැවැති බව ආරක්ෂක අමාත්‍යංශ්‍ය සදහන් කරයි.

එහිදී නුදුරේදීම මෙම මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා, නාවික හමුදාපතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත. සමුද්‍රීය ආරක්ෂක රාජකාරී මෙහෙයුම් සදහා කණ්ඩායම් යෙදවීමේ උපායමාර්ගික වැදගත්කම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබුණි. මෙම මුලපිරීම මගින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂක ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පමණක් නොව, ඒ ඔස්සේ ජාතික අවශ්‍යතාවයන් ශක්තිමත් කිරීමේ වැදගත් ඉදිරි පියවරක් බවද එහිදී සදහන් කෙරුණි.

ජාතික සුබ සිද්ධිය සදහාවන අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර නාවික නොවන කාර්යයන් ලෙස වෙළෙඳ නෞකාවන්ට ආරක්ෂක සේවා සපයනු ලබන විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් වෙත එහි සේවා හා පහසුකම් සැපයීම සදහා සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් ව්‍යාපෘතියක් පවත්වාගෙන යාමට එම ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවට බලය පවරනු ලැබ ඇත.

එසේම විදේශීය පෞද්ගලික සමුද්‍ර ආරක්ෂක සමාගම්වලට අයත් ගිනි අවි, පතොරම් සහ අනෙකුති උපකරණ අවි ගබඩාවල ගබඩා කිරීමට සහ වෙළෙඳ යාත්‍රාවලට පැටවීම, ගොඩබෑම ඇතුළු ක්‍රියාවලීන් හරහා ශ්‍රී ලංකා මුහුදු තීරයේ ක්‍රියාත්මකවන විදේශීය සමුද්‍රීය සමාගම්වලින් ආදායම් රැස් කිරීමට රජයට අවස්ථාව ලැබේ.

Exit mobile version