කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලය මඟින් බදාදා (20)වන විට විදේශ සංචාරකයින් 1,338 දෙනෙකු සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කර තිබේ.
අගෝස්තු 3 වැනිදා විවෘත කරන ලද මෙම කවුන්ටරය, වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයට ගමන් කිරීමේ අවශ්‍යතාවය වළක්වා ගනිමින් විදෙස් සංචාරකයින්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීම පහසු කිරීම සඳහා හඳුන්වා දෙන ලදී.
විදේශිකයන්ට තම වීසා කාලය අනුව මෙරට වලංගු රියදුරු බලපත්‍රයක් විනාඩි 5ක් වැනි කෙටි කාලයකදී මෙහිදී ලබා ගත හැකි වේ.
බර වාහන රියදුරු බලපත්‍ර සහික වසරකට වඩා වැඩි කාලයක් මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයන්ට , ඉන්දියව වැනි රටවල සිට පැමිණෙන විදේශිකයන්ට සිය මව් රටේ ත්‍රීරෝද රථ පැදවීම සඳහා රියදුරු බලපත්‍ර පවතී නම් මෙරට ත්‍රී රෝද රථ පැදවීම සඳහාද මෙම කාර්යාලයෙන් රියදුරු බලපත්‍රය ලබා ගත හැකිය.