නව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ලෙස ආර්.එම්.ජී.සේනාරත්න මහතා ඊයේ (18) සිය රාජකාරී ආරම්භ කෙරිණි.
ගලෙන්බිඳුනුවැව සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස රාජ්‍ය පරිපාලන සේවයට එක්වූ ආර්.එම්.ජී.සේනාරත්න මහතා රාජාංගනය ප්‍රාදේශීය ලේකම්, අනුරාධපුර ගොවිජන සේවා කොමසාරිස්, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම්, මධ්‍යම නුවරගම්පළාත ප්‍රාදේශීය ලේකම්, උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ලෙසින් සුවිශේෂ රාජ්‍ය සේවාවක් සිදු කර ඇත.
මහාචාර්ය පූජ්‍ය අත්තංගනේ රතනපාල නායක ස්වාමින්වහන්සේ, අභයගිරි චෛත්‍යරාමාධිපති පූජ්‍ය කංල්ලන්චියේ රතනසිරි ස්වාමින් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ගෞරවණීය මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කරමින් අභිනව කොමසාරිස් ජනරාල් සේනාරත්න මහතා වෙත අශිර්වාද කළ අතර මෙම අවස්ථාවට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.