Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර

ඊශ්‍රායලය අද(16) දිනයේදී ද ගාසා තීරය ඉලක්ක කරගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.

ගාසා නගරය ඉලක්ක කරගනිමින් අද(16) එල්ල කළ ප්‍රහාරයන්ගෙන් අල් අහ්ලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය ගාසා නගරයේ බලය අතපත් කර ගැනීමට කටයුතු කරමින් සිටින අතර ඒ හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් නගරයෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට ඊශ්‍රායලය කටයුතු කරන බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරනවා.

පසුගිය පැය 24 තුළදී සාගත තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය වැසියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඒ සමගම ආහාර අර්බුදය හේතුවෙන් මිය ගිය සමස්ත සංඛ්‍යාව 251 දක්වා ඉහළ යනවා. ඒ අතරට කුඩා දරුවන් 108 දෙනෙකුද ඇතුලත්.

Exit mobile version