Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කාශ්මීර ගංවතුර ජීවිත 300ක් බිලි ගනී

කාශ්මීර ගංවතුර ජීවිත 300ක් බිලි ගනී

කාශ්මීර ගංවතුර ජීවිත 300ක් බිලි ගනී

පකිස්තානයට සහ එරට පරිපාලනය යටතේ පවතින කාශ්මීර කලාපයට බලපා ඇති අනපේක්‍ෂිත ගංවතුර තත්වය හේතුවෙන්, 300කට ආසන්න පිරිසක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

නිවාස රැසකටද එයින් දැඩි අලාභහානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පකිස්තානයට සහ පකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීර කලාපයට මේ දිනවල බලපා ඇති මෝසම් වර්ෂාවත් සමග හටගත් දරුණු ගංවතුරින්, ඉකුත් පැය 24 තුළ 194 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ වයඹදිග පකිස්තානයේ කඳුකර “කයිවර් – පක්තුන්ක්වා” පළාතෙන් පමණක් මරණ 180ක් වාර්තා වී ඇති බවයි. එහි නිවාස 30ක් පමණ මුළුමනින්ම විනාශ වී ගොසිනි.

මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා තිබූ හෙලිකොප්ටර යානයක් කඩාවැටීමෙන්, එහි පස් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයද ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පකිස්තාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එරට වයඹදිග කලාපයෙහි එළඹෙන 21 වැනිදා දක්වා අධික වර්ෂාපතනයක් අඛණ්ඩව වාර්තා විය හැකි බවට පකිස්තාන කාලගුණ විද්‍යා අංශ පුරෝකතනය කර තිබේ.

Exit mobile version