Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායලයෙන් නිවාස 3,000ක ව්‍යාපෘතියක්; පලස්තීනය අතුගා දැමීමේ සැලසුමක්

ඊශ්‍රායලයෙන් නිවාස 3,000ක ව්‍යාපෘතියක්; පලස්තීනය අතුගා දැමීමේ සැලසුමක්

ඊශ්‍රායලයෙන් නිවාස 3,000ක ව්‍යාපෘතියක්; පලස්තීනය අතුගා දැමීමේ සැලසුමක්

ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් බටහිර ඉවුරේ නිවාස තුන්දහසකට අධික සංඛ්‍යාවකින් යුතුව නිවාස ව්‍යාපෘතියක් ඉදි කිරීමට සැලසුම් කර ඇතැයි එරට මුදල් ඇමැති බෙසලල් ස්මොට්රිච් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දුන් බවත් ඊශ්‍රායල මුදල් ඇමැතිවරයා සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඊශ්‍රායලය ගත් මේ පියවර හේතුවෙන් පලස්තීන රාජ්‍යයක් සඳහා වන අදහස මුළුමනින්ම යටපත් වන බවද ඔහු ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ජෙරුසලම සහ නැඟෙනහිර ප්‍රදේශයට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි මාලේ අඩුමිම් නමැති පළාත මේ සඳහා තෝරාගෙන ඇති බවත්, ටෙන්ඩර් අනුමැතිය ලබාදීමට පියවර ගත් බවත් බෙසලල් ස්මොට්රිච් වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

නව නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු රාජ්‍යයක් ලෙස පිළිගැනීමට පලස්තීනයක් ඉතිරි නොවන බැවින් කිසිදු රටක් එවැනි පිළිගැනීමක් සිදු නොකරනු ඇතැයි ද ඊශ්‍රායල මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට උත්සාහ කරන ඕනෑම රටකට එම නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් පිළිතුරු ලැබෙන බවද ඔහු සඳහන් කර තිබේ.

Exit mobile version