Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගලෙන්බිදුණුවැව වැවකින් උණ්ඩ 5038ක්

ගලෙන්බිදුණුවැව වැවකින් උණ්ඩ 5038ක්

ගලෙන්බිදුණුවැව වැවකින් උණ්ඩ 5038ක්

ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයට ලඳ තොරතුරකට අනුව ගැටලාව ගම්මානයේ පිහිටි ගැටලාව වැවෙන් T56 වර්ගයේ ජීව උණ්ඩ 5038ක් සොයාගැනීමට හැකිවූ බව ගලෙන්බිදුණුවැව පොලීසිය කියයි.

ඊයේ (13) සවස 05.40 පමණ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය වෙත 118 මගින් යොමු කරන ලද පණිවිඩක් සම්බන්ධව ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇතුලු නිලධාරින් කණ්ඩායමක් විසින් ගලෙන්බිඳුණුවැව පුදේශයේ ගැටලාව වැව සෝදිසි කිරීමේදි එහි මඩයට තිබී මෙම ජීව උණ්ඩ තොගය සොයාගෙන තිබේ.

එම ප්‍රදේශයේ කුඹුරු යායක වැඩ කිරීමට පැමිණි පුද්ගලයෙකු විසින් එම වැවට කකුල් සේදිමට ගිය අවස්ථාවේදි එම පුද්ගලයා හට උණ්ඩ කිහිපයක් හමුවි ඇති අතර පසුව ඒ පිළිබඳ සැකයක් මතුවී පොලිස් හදීසි ඇමතුම් අංකය 118 මගින් ආරක්ෂක අංශ දැනුවත් කිරීමට එම පුද්ගලයා කටයුතු කර ඇත.

මේ අතර පසුගිය මස 23 වන දිනද ගලෙන්බිඳුණුවැව හුරුළුවැව සදහා දියනෑමට පැමිණි තරුණයන් තිදෙනෙකුටද ඔවුන් දියනෑම සදහා පැමිණි තොටුපලෙහි ආසන්නයේ ගල්ගොඩක තිබී ජීව උණ්ඩ කිහිපයක් දැක තිබූ අතර මේ පිළිබඳව ඔවුන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුවත් කර ඇත.

එදින (23) දින එම ස්ථානය ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් සිදුකළ පරීක්ෂා කිරීමේදී එම ස්ථානයේ තිබී T 56 වර්ගයේ උණ්ඩ 10, LMG වර්ගයේ උණ්ඩ 18,අත්බෝම්බයක ගැලවී ඇති පින් 01,T 56 වර්ගයේ පතොරම් ගැබක පතුල කොටසක්,පතොරම් පෙට්ටී ගැලවීමට යොදාගන්නා යතුරු 01 එම ස්ථානයෙන් සොයාගෙන ඇත.

අනතුරුව එම ස්ථානය වැඩිදුරටත් පරීක්ෂා කිරීම සදහා පොලිස් විශේෂ කාර්‍යබලකායේ නිළධාරින් කැදවීමට ද කටයුතු කර තිබුණි.එහිදී එස්.ටී.එෆ් නිළධාරින් සිදුකළ පරීක්ෂා කිරීමේදී T 56 උණ්ඩ 53, LMG වර්ගයේ පතොරම් 36, වෙනත් වර්ගයේ පතොරම් 01, 09mm කොපු 02 ක් හමු වී ඇත.

එම සිදුවීම පිළිබඳවද අවධානය යොමු කරමින් මේ සම්බන්ධයෙන් උතුරුමැද පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ විශේෂ උපදෙස් අනුව කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ මෙහෙයවීම යටතේ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති එම්.එම්.ඩී.එන් චතුරංග මුරමුදලි මහතා වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන අතර දැනට මෙම උණ්ඩ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ තබා ඇති අතර අද (14) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්ථා කිරීමෙන් පසු අධිකරණ නියෝගයක් මත වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.

Exit mobile version