Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉරානය සතුව යුරේනියම් කිලෝ 400ක් – ඊශ්‍රායල අගමැති

මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු ජනතා පරිහරණයට

මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු ජනතා පරිහරණයට

ඉරානය සතුව පොහොසත් කළ යුරේනියම් කිලෝ 400ක් තවමත් ඇති බව ඊශ්‍රායල අගමැතිවරයා පවසයි.

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ්‍රායලය හා ඇමරිකාව එල්ල කළ ප්‍රහාරවලින් පසුව යුරේනියම් කිලෝ 400කට වඩා වැඩි ප්‍රමාණයට සිදුවූයේ කුමක්ද යන්න තවමත් හෙළිව නැහැ.

සම්මුඛ සාකච්ඡාවකදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ එම යුරේනියම් විනාශ වී නොමැති බව තමන් විශ්වාස කරන බවයි.

කෙසේ වෙතත් මෙම යුරේනියම් පරමාණු බෝම්බ නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් නොවන බවද ඔහු කියා සිටියා.

පසුගිය ජුනි මාසයේදී ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දින 12ක් යුද්ධයක් දියත් කළ අතර ඇමරිකාව සමඟ එක්ව ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ එල්ල කරනු ලැබුවා.

මෙම ප්‍රහාර හේතුවෙන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වසර ගණනාවක් පසුබෑමට ලක්ව ඇති බව නෙතන්යාහු පවසයි.

Exit mobile version