Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාසා නගරය අත්පත් කර ගැනීමට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් අනුමැතිය

ගාසා නගරය අත්පත් කර ගැනීමට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් අනුමැතිය

ගාසා නගරය අත්පත් කර ගැනීමට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් අනුමැතිය

ගාසා තීරයේ “ගාසා නගරයෙ” හි පාලනය අත්පත් කර ගැනීමේ සැලසුම සඳහා ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

“ෆොක්ස් නිව්ස්” නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ තම රටේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගාසා තීරයේ පූර්ණ බලය අත්පත් කරගැනීමට අපේක්ෂා කරන බවයි.

ෆොක්ස් නිව්ස් නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවේ දී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වැඩිදුරටත් කියා සිටියේ, ගාසා තීරයේ හමාස් සංවිධානය බලයෙන් ඉවත් කිරීමට මෙන්ම එහි සිවිල් පාලනය වෙනත් පාර්ශ්වයකට පැවරීමට හැකිවන පරිදි ගාසා තීරයෙහි සම්පූර්ණ පාලනය අත්පත් කර ගැනීමට ඊශ්‍රායලය අපේක්ෂා කරන බවයි.

තම රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගාසා තීරය පූර්ණ වශයෙන් අත්පත් කර ගැනීමට අපේක්‍ෂා කරන නමුත්, එම භූමිය පාලනය කරනු ලබන පාලක මණ්ඩලයක් ලෙස ඊශ්‍රායලය ක්‍රියා නොකරන බවද, ඔහු මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම, ගාසා තීරයේ පාලනය අරාබි හමුදාවන් වෙත බාර දීමට ඊශ්‍රායලයට අවශ්‍ය බවද අගමැති නෙතන්යාහු කියා සිටියේය.

තවද, ගාසා තීරයේ ගාසා නගරයෙහි පාලනය අත්පත් කර ගැනීම සඳහා ඊශ්‍රායල හමුදා මෙහෙයුම් පුළුල් කිරීමට අදාළ සැලසුම ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ බව, ඊශ්‍රායල අගමැති කාර්යාලය පවසයි.

Exit mobile version