සතියක කාලයක් තුළ විනිසුරුවරුන් පස්දෙනකුගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
මොරටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, මහියංගනය අතිරේක දිසා විනිසුරු රංගනී ගමගේ සහ අලුතින් මහේස්ත්‍රාත්වරුන් ලෙස පත්වූ පරිවාස කාලය හෝ අවසන් නොමැති විනිසුරුවරුන් තිදෙනකුද මෙසේ වැඩ තහනම් වූ පිරිසට අයත් වේ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාය. මහින්ද සමයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාද එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, ගාමිණී අමරසේකර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ අසුනට ව්‍යවස්ථාදායක සභාවෙන් මෙතෙක් කිසිවකු පත්කර නැත.
එම කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතාය.