Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාසාව අත් කරගැනීමට නෙතන්යාහුගෙන් නව යුද සැලසුමක්

ගාසාව අත් කරගැනීමට නෙතන්යාහුගෙන් නව යුද සැලසුමක්

ගාසාව අත් කරගැනීමට නෙතන්යාහුගෙන් නව යුද සැලසුමක්

ඉදිරි දින කිහිපය ඇතුළත ගාසා තීරය සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමේ අරමුණින් නව උපාය මාර්ගික යුද සැලසුමක් ප්‍රකාශයට පත් කිරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දැනට හමාස් සංවිධානය විසින් රඳවා තබාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුදෙනා මුදා ගැනීම සහ හමාස් සංවිධානය තුරන් කිරීම අරමුණු කරමින් එම සැලසුම ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායල අගමැතිවරයා මේ සතියේදී සිය යුද කැබිනට් මණ්ඩලය රැස් කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

යටත් වීමක් හැර හමාස් සංවිධානය නැවත ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් නොකරනු ඇතැයිද, කඩිනමින් අවශ්‍ය පියවර නොගැනීමෙන් ප්‍රාණඇපකරුවන් සාගින්නේ මිය යනු ඇතැයිද ඊශ්‍රායල අගමැතිවරයාගේ කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇතැයිද වාර්තා වේ.

ඊශ්‍රායල අගමැතිවරයාගේ නව යුද සැලසුම හෙළා දකින බවට පලස්තීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති අතර, එම යුද සැලසුම ක්‍රියාත්මක කිරීමෙන් ගාසා තීරයේ දරුණු ජන සංහාරයක් සිදුවනු ඇති බැවින් එය වැළැක්වීමට කඩිනමින් මැදිහත් වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කර ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Exit mobile version