Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් මතු වන ගැටලු ගැන එසැණින් දැනුම් දීමට වට්ස්ඇප් අංකයක්

පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් මතු වන ගැටලු ගැන එසැණින් දැනුම් දීමට වට්ස්ඇප් අංකයක්

පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් මතු වන ගැටලු ගැන එසැණින් දැනුම් දීමට වට්ස්ඇප් අංකයක්

අනාරක්ෂිත රිය ධාවනය, නියමිත ගාස්තුවට වැඩියෙන් අය කිරීම ඇතුළු පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් මතු වන ගැටලු ගැන එසැණින් දැනුම් දීම සඳහා මගී ජනතාවට වට්ස්ඇප් අංකයක් හදුන්වාදීමට ජාතික ගමනා ගමන කොමිසම පියවර ගෙන ඇත.

ඒ අනුව යම් බස් රථයක ගමන් ගන්නා ඕනෑම අයකුට 071 259 55 55 අංකයට වට්ස්ඇප් මඟින් සිය පැමිණිල්ල ඒ අවස්ථාවේදීම යොමු කිරීමට හැකියාව ලැබේ.

ආරක්ෂිත සහ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් පවත්වා ගෙන යෑම අරමුණු කරගනිමින් මහජනතාව දැනුම්වත් කිරීමේ මෙම නව වැඩපිළිවෙළ කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පළෙන් පසුගිය ජූලි 31 ආරම්භ විය.

එහිදී පොදු ප්‍රවාහනයේ ගමන් ගන්නා මගීන් මේ නව අංකය ගැන දැනුම්වත් කෙරිණි.

Exit mobile version