Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි 03ක වත්කම් තහනම් කරලා

කොළඹ මහනගර සභා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීනියට අධිකරණයෙන් සහනයක්

කොළඹ මහනගර සභා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීනියට අධිකරණයෙන් සහනයක්

පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් දේපොළ හා වත්කම් මිලදී ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 29 වනදා මෙම සැකකාරිය නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත මුදල් විශුද්ධිකරණ පනත යටතේ වයස 36 හැවිරිදි කාන්තාවක් මෙලසෙ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශනයට අදාළව සැකකාරියගේ පෙර වැරදි සම්බන්ධව විමර්ශනයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත්වී අධිකරණයේ නඩු පවරා ඇති බවට අනාවරණය වු බව පොලිසිය පවසයි.

තවද සැකකාරිය නීතිවිරෝධී ආකාරයට උපයා ගන්නා ලද රුපියල් කෝටි 03ක පමණ මුදලින් මිලට ගත් පිලියන්දල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් පසුගිය 09 වනදා සිට දින 07ක කාලයක් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව ක්‍රියා විරහිත කර තිබූ අතර මේ සම්බන්ධව හෝමාගම මහාධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු එම ක්‍රියා විරහිත කිරීමේ නියෝගය 2025.10.15 වන දින දක්වා දීර්ඝ කර බලාත්මක කර තිබේ.

මේ අතර සැකකාරිය ජුලි 29 වන දින කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පනස්දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙන බවයි පැවසෙන්නේ.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version