Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලක්ෂ 13 ඉක්මවන වාර්තාගත සංචාරකයින්

සංචාරක හා විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් ඩො.බි 11ක ආදායමක්

සංචාරක හා විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් ඩො.බි 11ක ආදායමක්

මේ වසරේ ගතවු කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව ජනවාරි පළමු දින සිට ජූලි මස 27වැනිදා දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 1,341,953 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 274,919ක් ලෙස දැක්වෙයි. ඊට අමතරව බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය, චීනය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය ඇතුළු රටවලින්ද සංචාරකයින් වැඩි වශයෙන් දිවයිනට පැමිණ ඇත.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ ජූලි මාසයේ ගතවු දින 27ක කාලය තුළ සංචාරකයින් 173,909 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි.

එමෙන්ම ජූලි මාසයේ ගතවු දින 27 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ජූලි 26 වනදා වන අතර එම ගණන 7,579ක් ලෙස දැක්වෙයි.

Exit mobile version